HomeSri LankaHigh Commissioner-designate of Sri Lanka to Malaysia assumes duties

High Commissioner-designate of Sri Lanka to Malaysia assumes duties

The newly appointed High Commissioner- designate of Sri Lanka to Malaysia, Air Chief Marshal Sumangala Dias assumed duties at the Sri Lanka High Commission in Kuala Lumpur on 27 January 2022.

The assumption of duties was marked by a simple yet elegant ceremony organized by the staff of the High Commission. Following religious observances, High Commissioner- designate assumed duties while Chief Prelates of the two main Sri Lankan Buddhist temples in Kuala Lumpur chanted Pirith in the background,.

Keeping up with the Sri Lankan traditions, ‘ Kiri ithiraweema‘ (boiling of milk) was held , followed by the lighting of the traditional oil lamp and sharing of “ Milk-rice’ and other  Sri Lankan delicacies with the staff of the Mission.

Addressing the staff of the Mission, High Commissioner-designate, extended his gratitude to the President, Prime Minister, Foreign Minister and the Foreign Secretary for the mandate given to him to represent Sri Lanka’s interests in Malaysia.

Recalling the long-standing friendly relations between the two countries, High Commissioner designate outlined his priorities and expectations and the need to enhance economic, political and people to people contacts between Sri Lanka and Malaysia. He specially stressed upon the duty of the High Commission to strive to find new and innovative ways to attract investments, enhance bilateral trade relations and promote Sri Lanka as a tourist destination, in order to assist Sri Lanka to overcome the challenges that our motherland is currently facing.

High Commissioner-designate Air Chief Marshal Sumangala Dias was the 17th Commander of the Sri Lanka Air Force.

High Commission of Sri Lanka

Malaysia

03 January 2022

……………………………….

මාධ්‍ය නිවේදනය

මැලේසියාවේ  නම්කළ නව ශ්‍රීලංකා මහකොමසාරිස්වරයා සිය රාජකාරි අරඹයි

මැලේසියාව සඳහා අභිනවයෙන් පත්කරන ලද ශ්‍රී ලංකා මහ කොමසාරිස්, එයාර් චීෆ් මාර්ෂල් සුමංගල ඩයස් මැතිතුමා 2022 ජනවාරි මස 27 වන දින ක්වාලාලම්පූර් හි පිහිටි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේදී සිය රාජකාරි කටයුතු භාරගත්තේය.

මැලේසියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ කාර්ය මණ්ඩලය විසින් සංවිධානය කරන ලද චාම් වූත් අලංකාර වූත් උත්සවයකින් මෙම රාජකාරී ඇරඹීම සනිටුහන් විය. ආගමික වතාවත්වලින් අනතුරුව, ක්වාලාලම්පූර්හි පිහිටි ප්‍රධාන ශ්‍රී ලංකා බෞද්ධ විහාරස්ථාන දෙකෙහි මහ නාහිමිවරුන් විසින් සිදු කරන ලද පිරිත් සජ්ඣායනා මධ්‍යයේ අභිනව මහ කොමසාරිස්වරයා විසින් සිය රාජකාරි කටයුතු අරඹන ලදි.

මෙම අවස්ථාවේදී ශ්‍රී ලාංකේය සම්ප්‍රදායන්ට අනුකූලව ‘කිරි ඉතිරවීම’ සිදු කෙරුණු අතර, ඉන් අනතුරුව සාම්ප්‍රදායික පොල්තෙල් පහන දල්වා “කිරිබත්” ඇතුළු අනෙකුත් ශ්‍රී ලාංකික ප්‍රණීත ආහාරපාන දූත කාර්ය මණ්ඩලයේ සාමාජිකයින් සමඟ බෙදාහදා ගනු ලැබිණි.

සිය දූත කාර්ය මණ්ඩලය අමතමින් නම්කළ මහ කොමසාරිස්වරයා  මැලේසියාව තුළ ශ්‍රී ලංකාවේ අවශ්‍යතාවන් නියෝජනය කිරීම සඳහා තමාට ලබා දුන් මහඟු අවස්ථාව වෙනුවෙන් ජනාධිපති, අගමැති, විදේශ අමාත්‍ය සහ විදේශ ලේකම්වරයා වෙත සිය කෘතඥතාව පළ කළේය.

දෙරට අතර පවතින දිගුකාලීන මිත්‍ර සබඳතා සිහිපත් කරමින් ශ්‍රී ලංකාව සහ මැලේසියාව අතර පවත්නා ආර්ථික, දේශපාලනික සහ පුද්ගලාන්තර සබඳතා වැඩි දියුණු කිරීමේ අවශ්‍යතාවය මෙන්ම සිය ප්‍රමුඛතා සහ අපේක්ෂාවන් පිළිබඳව ද නම්කළ මහ කොමසාරිස්වරයා මෙහිදී සඳහන් කළේය. අපගේ මාතෘභූමිය වර්තමානයේ මුහුණ දී සිටින අභියෝග ජය ගැනීමට සහාය වීම සඳහා ශ්‍රී ලංකාව වෙත ආයෝජන ආකර්ෂණය කර ගැනීම, ද්විපාර්ශ්වික වෙළඳ සබඳතා වැඩිදියුණු කිරීම, සංචාරක ගමනාන්තයක් ලෙස ශ්‍රී ලංකාව ප්‍රවර්ධනය කිරීම සඳහා නව්‍ය සහ නවීකරණය වූ ක්‍රමෝපායන් සොයා බැලීම සම්බන්ධයෙන් මහ කොමසාරිස් කාර්යාලය වෙත පැවරී ඇති වගකීම් පිළිබඳව එතුමා විශේෂයෙන් අවධාරණය කළේය.

මැලේසියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයා ලෙස නම් කළ එයාර් චීෆ් මාර්ෂල් සුමංගල ඩයස් මැතිතුමා ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 17 වන ගුවන් හමුදාපතිවරයා වශයෙන් කටයුතු කළේය.

ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය

ක්වාලාලම්පුර්

2022 පෙබරවාරි 03 වැනි දින

………………………………………….

ஊடக வெளியீடு

மலேசியாவுக்கான இலங்கை உயர்ஸ்தானிகர் பதவியேற்பு

மலேசியாவுக்கான இலங்கையின் புதிதாக நியமிக்கப்பட்ட உயர்ஸ்தானிகர் எயார் சீஃப் மார்ஷல் சுமங்கல டயஸ் 2022 ஜனவரி 27ஆந் திகதி கோலாலம்பூரில் உள்ள இலங்கை உயர்ஸ்தானிகராலயத்தில் கடமைகளைப் பொறுப்பேற்றார்.

உயர்ஸ்தானிகராலயத்தின் ஊழியர்களால் ஏற்பாடு செய்யப்பட்ட எளிமையான வைபவத்தில் புதிதாக நியமிக்கப்பட்ட உயர்ஸ்தானிகர் கடமைகளைப் பொறுப்பேற்றுக்கொண்டார். மத அனுஷ்டானங்களைத் தொடர்ந்து, கோலாலம்பூரில் உள்ள இரண்டு முக்கிய இலங்கை பௌத்த விகாரைகளின் தலைமை மதகுருமார்கள் பின்னணியில் பிரித் ஓதுகையில், உயர்ஸ்தானிகர் கடமைகளைப் பொறுப்பேற்றார்.

இலங்கையின் பாரம்பரியத்தைக் கடைப்பிடிக்கும் வகையில், ‘கிரி இத்திரவீம’ நடைபெற்றதுடன், அதனைத் தொடர்ந்து பாரம்பரிய மங்கள விளக்கை ஏற்றி, ‘பாற்சோறு’ மற்றும் ஏனைய இலங்கை உணவு வகைகள் தூதரக ஊழியர்களுடன் பகிர்ந்து கொள்ளப்பட்டது.

தூதரக ஊழியர்களிடம் உரையாற்றிய உயர்ஸ்தானிகர், மலேசியாவில் இலங்கையின் நலன்களைப் பிரதிநிதித்துவப்படுத்துவதற்கான தனக்கு வழங்கப்பட்ட ஆணைக்காக ஜனாதிபதி, பிரதமர், வெளிநாட்டு அமைச்சர் மற்றும் வெளியுறவுச் செயலாளர் ஆகியோருக்கு தனது நன்றியைத் தெரிவித்தார்.

இரு நாடுகளுக்குமிடையிலான நீண்டகால நட்புறவுகளை நினைவுகூர்ந்த உயர்ஸ்தானிகர், இலங்கைக்கும் மலேசியாவுக்கும் இடையிலான பொருளாதார, அரசியல் மற்றும் மக்களுக்கிடையிலான உறவுகளை மேம்படுத்த வேண்டியதன் அவசியத்தையும் தனது முன்னுரிமைகளையும் எதிர்பார்ப்புகளையும் சுட்டிக் காட்டினார். எமது தாய்நாடு தற்போது எதிர்கொள்ளும் சவால்களை வெற்றிகொள்வதற்கு இலங்கைக்கு உதவுவதற்காக, முதலீடுகளை ஈர்ப்பதற்கும், இருதரப்பு வர்த்தக உறவுகளை மேம்படுத்துவதற்கும், இலங்கையை சுற்றுலாத் தலமாக மேம்படுத்துவதற்கும் புதிய மற்றும் புதுமையான வழிகளைக் கண்டறிய முயற்சிப்பதற்கான உயர்ஸ்தானிகராலயத்தின் கடமையை அவர் குறிப்பாக வலியுறுத்தினார்.

உயர்ஸ்தானிகராக நியமிக்கப்பட்ட எயார் சீஃப் மார்ஷல் சுமங்கல டயஸ் இலங்கை விமானப்படையின் 17வது தளபதியாக செயற்பட்டவராவார்.

இலங்கை உயர்ஸ்தானிகராலயம்,

மலேசியா

2022  பிப்ரவரி 03

Print Friendly, PDF & Email
Please follow and like us:

Source

Stay Connected
255FansLike
473FollowersFollow
Must Read
Related News